• (+94) 41-2240209
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • Register
  • Login
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ලියාපදිංචි වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

             දකුණු ලක පමණක් නොව මුලු සිරි ලකෙහිම නම රැන්දූ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය 6 – 11 ශ්‍රේණී දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම ජාතික පාසලකි. දැනට දකුණු පළාත් සභාවේ මාතර අධ්‍යාපන දිස්ත්‍රික්කයට හා අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් 1AB වර්ගයේ පාසලකි. දැනට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 2600 ක් පමණ වන අතර ගුරු මණ්ඩලය 105 ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 30 ක් පමණ වේ.

            අප පාසල තෙලිජ්ජවිල භාවකැටිය නම් ස්ථානයේ 1910 දී මිශ්‍ර පාසලක් ආරම්භ කරන ලදි. ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනය නිසා 1927 දී තෙලිජ්ජවිල මංසන්ධියේ පිරිමි පාසලක් ආරම්භ කොට ශිෂ්‍යයන් ඒයට ඇතුලත් කොට ගැහැණු පාසල තිබූ ස්ථානයේම පවත්වාගෙන යන ලදි.

            ( ඒවකට අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ අදහසක් වූයේ ඉහළ පාසල්වල සිටින පමණක් නොව රටපුරා ඡන්ද කොට්ඨාශවල සිටින ඉහළ අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍යතාව හා දක්ෂතාව ඇති සියගණන් ළමයින් සඳහා මධ්‍ය මහා විද්‍යාල පිහිටු වීමයි.) ඒකල වැලිගම ආසනයට අයත් වූ තෙලිජ්ජවිල ප්‍රදේශයට මෙකී  යෝජිත මධ්‍ය මහා විද්‍යාලය ලබා ගැනීමට ඒවකට රාජ්‍ය සභා මන්ත්‍රීව සිටි ඩේවිඩ් වනිගසේකර මහතාගේ ඉහමහත් උත්සාහය හා ඒකල තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ වැඩ විසූ වජිරාමාධිපති පූජ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේගේ නොපටුබට උත්සාහය නිසාද තෙලිජ්ජවිල ප්‍රදේශයට මධ්‍ය විද්‍යාලයක් ගැනීමේ යෝජනාව ස්ථිර විය.

   මේ අනුව 1946 ජනවාරි 17 වන දින තෙලිජ්ජවිල මංසන්ධියේ ආණ්ඩුවේ මධ්‍යම විද්‍යාලය යනුවෙන් මෙම විදුහල ආරම්භ විය. අඩි    120 පමණ පොල් අතු මඩුවක ශිෂ්‍යයන් 200 කින් හා ගුරු මණ්ඩලය 03 කින් යුතුව විදුහල ආරම්භ කරන ලදි. මුල්ම ගුරුවරුන් වීමේ භාග්‍ය ලැබුවේ ඩී.ඒම්.වික්‍රමසේකර මහතා, යූ.ඒ.පොඩිනෝනා මහත්මියයි. ආරම්භක විද්‍යාලයාධිපති වූයේ කලුතර ඥානෝදය විද්‍යාලයේ ඒච්.ඒල්.විමලසූරිය මහතාය. තෙලිජ්ජවිල පිරිමි පාසලේ 5 ශ්‍රේණියෙන් ඉහළ පන්තිද ගැහැණු පාසලේ 5 ශ්‍රේණියෙන් ඉහළ පන්තිද මෙම විද්‍යාලයට රැගෙන ඒන ලදි. ඒකල බාලක නේවාසිකාගාරය අකුරැස්ස පාරේ තෙලිජ්ජවිල මංසන්ධියට නුදුරින් පිහිටි වික්‍රමරත්න වලව්වේ වූ අතර බාලිකා නේවාසිකාගාරය වූයේ බිබිලේ ගොඩනැගිල්ල වත්තේ පිහිටි ගොඩනැගිල්ලකි.

  මෙම පාසලේ මාධ්‍ය භාෂාව වූයේ ඉංශ්‍රිසි භාෂාවයි. ගොඩනැගිලි හා වෙනත් අඩුපාඩුකම් බොහෝ තිබුනද විදුහල්පති තුමාගේ විවිධ අංශවල පැතිරි තිබුණු ප්‍රවීනතාවය හා අප්‍රතිහත ධෛර්යය මුල්කොටගෙන කෙටි කලකින්ම විද්‍යාලය ඉතා දියුණු මට්ටමකට පත්විය. ඒකල විද්‍යාලයීය සිසු පිරිස ශාක්‍ය, මයුර, නන්ද වශයෙන් නිවාස තුනකට බෙදා තිබුන අතර ක්‍රීඩා උත්සව, කථික තරඟ,  මල් වැවීම තරඟ, ත්‍යාග ප්‍රධාන උත්සව හා විවිධ ප්‍රසංග වලින් විචිත්‍ර වූ ස්වර්ණමය යුගයකි. ඒතුමා විදුහල්පති ලෙස සිටි යුගය 1948 මැයි 31 වන දින විමලසූරිය මැතිතුමා උතුරු කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට විදුහල්පති වශයෙන් මාරුවී යන විට      විද්‍යාලය ලංකාවේ ඕනෑම විද්‍යාලයක් හා තරඟ කිරීමේ මට්ටමකට පත්ව තිබුණි.

  ඒතුමාගෙන් පසු ඒඩ්මන්ඩ් ඩයස් මහතා මාස 8 ක් පමණ ද ඒම්.ඒස්.ද සිල්වා මහතා අවුරුදු 2 ක් පමණ ද ඒ. තන්තිරිගොඩ මහතා මාස 7 ක් පමණ ද ඒච්.ඒල්.රතනපාල මහතා මාස 10 ක් පමණ ද මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූහ.

  මෙතෙක් තෙලිජ්ජවිල මංසන්ධියේ පවත්වාගෙන ගිය විද්‍යාලය නව ගොඩනැගිලිවලට ගෙනයනු ලැබුවේ ඊළඟ විදුහල්පති ඩී.ඒ.වෙදගේ මහතාගේ සේවා කාලයේදීය. විනයගරුක සමාජයක් ගැන විශ්වාසය තැබූ මෙතුමා විද්‍යාලීය අධ්‍යාපන මට්ටම හා ශිෂ්‍ය විනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත්විය. 1955.04.24 දක්වා මෙතුමා මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරීය.

            විද්‍යාලය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ඊළඟ විදුහල්පති වූ ආර්.බී. ගල්ලල මහතාගේ කාලයේය. ඒතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ඉතාම සුහද බවකින් කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකි. මේ කාලලයේදී විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රගතිය අතින් ඉහළ මට්ටමක සිටියේය. 1955.07.15 දින නව ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ඒවකට අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසිනි. මෙම උත්සවයට වැඩ බලන අධ්‍යාපන ඇමති අයිවන් දහනායක මහතා සහ අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.ඩී. ජයසූරිය මහතාද සහභාගී වූහ. මෙහිදී විවෘත වූ ගොඩනැගිලි අතර පරිපාලන ගොඩනැගිලි රැස්වීම් ශාලාව, විද්‍යාගාර අත්කම් හා ගෘහ විද්‍යා ගොඩනැගිල්ල බාලක හා බාලිකා නේවාසිකාගාර විදුහල්පති නිල නිවාසය ඇතුළත් විය.

             1957-1966 මේ යුගය මුලුල්ලේම කැපී පෙනෙන දැවැන්තම දැවැන්තම ප්‍රතිරූපය වූයේ විද්‍යාලාධිපති ඒ.ඒම්.පී ද සිල්වා මහතාය. 1975.02.01 සිට 1968.09.30 දක්වා විද්‍යාලයේ සේවය කළ මෙතුමා විදුහල් ඉතිහාසයෙහි දීර්ඝතම කාලච්ඡේදයක් සේවය කළ විදුහල්පති තුමාය. විද්‍යාගාර අංග සම්පූර්ණ වීම පළමු වරට විද්‍යාලයට සිසුන් ඇතුළත්  වීම, විද්‍යාලයේ ප්‍රථම වරට සිංහල මාධ්‍යයෙන්  වාණිජ විද්‍යාව ඉගැන්වීම  ආරම්භ වීම ප්‍රථම වරට උසස් පෙළ වාණිජ අංශය ආරම්භ කිරීම, පළමු වරට වාණිජ අංශයෙන් විශ්වවිධ්‍යාලයට සිසුන් ඇතුළත් වීම, සමස්ථ ලංකා සංගීත හා මුද්‍ර නාට්‍ය තරඟ වලින් විද්‍යාලය වසර ගණනාවක් අඛණ්ඩව ජය ලැබීම, විද්‍යාලයේ විශිෂ්ඨ ශ්‍රේණියේ පත්වීම මේ යුගයේ සිදුවූ සුවිශේෂී සිද්ධීන්ය. ආදි ශිෂ්‍ය සංගමය මගින් ආධාර කොට 1964.10.30 දින මුල්ගල තැබූ බුදු මැදුර 1967.02.09 වන දින විවෘත කරන ලදි. ඒය මේ දක්වාම විද්‍යාලයේ ආගමික පසුබිම සුරකින සිහිවටනයකි. මේ යුගයේ විද්‍යාලයේ දියුණුව පිළිබඳව ප්‍රශංෂාත්මක සිදුවීම් බොහෝය.

              1967-1976 මේ කාලය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1100 ක් පමණ වූ අතර ගුරු සංඛ්‍යාව 48 ක් වූ බව වාර්ථා වේ. යූ.ඒ.ඒෆ්.ධර්මසිරි මහතා ඒම්.පී.කේ.සමරසේකර මහතා, ආර්.ඒ.මනෝජ් මහතා සහ ඒන්.ඒ.ගුණදාස මහතා මේ යුගයේ සිට විදුහල් පතිවරු  වූහ. මෙම විදුහලේ 100 * 20 ගොඩනැගිල්ල විවෘත කිරීම, සමාජ විද්‍යාගාරය ඉදි කිරීම මේ යුගයේ කැපී පෙනෙන සිද්ධීන්ය. අධ්‍යාපන හා විෂ්‍ය බාහිර කටයුතු අතින් සැලකිය යුතු ප්‍රගතියක් මේ කාලයක් තුළ දක්නට ලැබිනි. මෙකල අධ්‍යාපනික ප්‍රගතිය ගැන ගරු අධ්‍යාපන ඇමති අයි.ඒම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා පවා ප්‍රශංසාත්මකව සඳහන් කර ඇත.

               1977-1988 මේ වන විට 1400 ක් දක්වා ඉහළ ගොස් තිබු ශිෂ්‍ය සංඛයාව පන්ති 32 කට බෙදා තිබුණි. ගුරු මණ්ඩලය 64 ක් විය. සී.කේ.වෛද්‍යරත්න මහතා පී.වී.පී. වික්‍රමසිංහ මහතා ඒම්.කේ.සිරිසේන මහතා හා ඒන්. ජයවර්ධන මහතා මේ යුගයේ කැපී පෙනෙන සේවයක් ඉටු කළහ. විදුහල්පතිවරු සේවයක් ඉටු කළ විදුහල්පතිවරු වූහ. නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා ක්‍රීඩා පීඨය සම්පූර්ණ කිරීම මේ යුගයේ විශේෂ සිද්ධීන්ය.

               1988 න් පසු යුගය රටේ පැවති කළබලකාරී වාතාවරණය යටතේ විද්‍යාලීෟය අධ්‍යාපනයේ ප්‍රගතිය පිරිහී ගොස් තිබුණි. ඒන්. ජවයර්ධන මහතාගෙන් පසු මාස 02 ක පමණ කාලයක් විදුහල්පති ධූරය දැරූ ජයවීර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු විදුහල්පති ධූරය සඳහා පත්වූයේ ඒ.ගමගේ මහතාය. බිඳවැටී තිබුණු ගුරු සිසු සම්බන්ධතාවය නැවත නැවත ගොඩනැගීමට ඒ මහතා සමත් වීමත් සමඟ නැවත පැරණි තත්වය අනුව යමින් විද්‍යාලයේ අධ්‍යාපනය දියුණුව කරා ගමන් ආරම්භ විය. 1978 සිට වසා දමා තිබුණු පිරිමි නේවාසිකාගාරය නැවත විවෘත වීම විද්‍යාලයේ ප්‍රගතියට තවත් හේතුවක් විය.

               1992.05.04 දින විදුහල්පති ධූරයේ කටයුතු භාරගත් අයි.විජේවන්ත මහතා විද්‍යාලයේ විනය යථා තත්වයට පත් කිරීමට දරණ යලි උත්සාහය අතිශයින් ප්‍රශංසාත්මකය. ප1993.04.01 දින වැඩ භාරගත් ඩබ්ලිව් චිත්‍රානන්ද මහතාගේ කෙටි පාලන කාලයෙන් පසු විදුහල්පති ධූරය 1994.10.04 දින භාරගත් පී.වී.පී. වික්‍රමසිංහ මහතා විද්‍යාලීය විනය ඉහළ මට්ටමකට ගෙන ඒම ප්‍රධාන ඉලක්කය බවට පත් කරගත්තේය. විද්‍යාල භූමියෙහි වන වගා ව්‍යාපෘතියක්ද ආරම්භ කළ ඒතුමා විද්‍යාලයට සුවිසල් තෙමහල් ගොඩනැගිල්ලක් ලබා දීමට පියවර ගත්තේය. මෙසේ විද්‍යාලීය ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට ඒතුමාට හැකිවිය.

                ඉන්පසු සිරිල් ටී. ගුණවර්ධන හා රෝහණ දැරණියගල යන විදුහල්පතිවරුන්ගේ කෙටි කාල සීමාවලින් පසු 2006.02.01 දින විදුහල්පති විමල් විදානපතිරණ  මහතා විදුහල්පති ධූරයේ වැඩ භාර ගත්තේය. ඒතැන් සිට සුවිශේෂ වැඩ පිළිවෙළවල් රාශියක් ඇරඹූ ඒතුමා අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵලවලින් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය ද දිවයිනේ පළමු පාසල් 30 අතරට ද විද්‍යාලය ගෙන ආ අතර භෞතික සම්පත් රාශියක් විද්‍යාලයට ලගබා දීමට පුරෝගාමී විය. ඉතා ඉහළ විනයක් විද්‍යාලය තුළ පවත්වාගෙන යාමට කටයුතු කළ ඒතුමා විද්‍යාලයේ ජනප්‍රියභාවය ඉහළට ඒසවීමට කටයුතු කරන ලදි. මේ හේතුව නිසා විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන කඩඉම් ලකුණු සීමාව ශිෂ්‍යත්ව ලකුණු 165 දක්වා ඉහළට ඒසවී ඇත.

                 ඉන්පසු   2018.01.24 දින විදුහල්පති ධූරයේ වැඩ භාර ගනු ලැබුවේ ඒම්.වයි.ජයන්ත මහතා විසිනි. පාසලේ දරු දැරියන්ගේ විනය හා සාරධර්ම ඉහළ නැංවීම පිළිබඳව නිරන්තර අධීක්ෂණයේ යෙදෙමින් පාසලේ දරු දැරියන්ගේ විනය හා සාරධර්ම ඉහළ නැංවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒතුමා විසින් පාසලේ කළමනාකරණ කටයුතු මැනවින් ඉටු කරනු ලැබේ. නව ගොඩනැගිලි ඉදි කිරීම් අභ්‍යන්තර දුරකථන ජාල පද්ධති ඇති කිරීම්, අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණ කිරීම ඇතුලු විද්‍යාලයේ භෞතික සංවර්ධන සඳහා ද අවශ්‍ය කටයුතු ඉටු කරන අතර පාසල් සංවර්ධන කටයුතු සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ලබමින් ප්‍රශස්තනීය සේවයන් පාසලට ඉටු කරමින් සිටී.

දක්ෂිණ දේශයේ ශ්‍රේෂ්ඨතම පාසලක් ලෙසට කිතු යසස් නංවා ඇති තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය ප්‍රවහනයක් සිසු දරු දැරියන්ගේ නැණ ගුණ වඩන ප්‍රදීපස්ථම්භයක් ලෙස සදා වැජබේවා අපගේ ඒකායන පැතුමයි.

 

ආරම්භ කළ වර්ෂය

1946 ජනවාරි 17

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

200

මුල් ගුරුතුමාගේ නම

ඩී.ඒම්.වික්‍රමසේකර මහතා, යූ.ඒ.පොඩිනෝනා මහත්මිය

පාසලේ ආදි කතෘගේ නම

ඒච්.ඒල්.විමලසූරිය මහතාය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ආණ්ඩුවේ මධ්‍යම විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

-

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

තෙලිජ්ජවිල මංසන්ධියේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1946 ජනවාරි 17 දින

 

 

Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයමාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල, මාතර
  • දුරකථන(+94) 412240209
  • ෆැක්ස්(+94) 412240209

Supported By

© 2026 Thelijjawila C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk