ලකඹර ජය දද නැංවූ මාතා
තෙලිදියවිල මැදි විදු මාතා
නුවණැස පෑදූ සිප්සත සෑදූ
සාගරයේ ගුණධාරී වූ
නමදිමු අප විදුහල් මාතා .........//
ඔබගේ සෙවනේ සිප්සත සෑදුවෝ
ලක් පොළොවේ ජය හඬ නැගුවෝ
ඒ අඩි පාරේ අපි පා ඔසවා
සුරකිමු ඔබෙ නාමය සැමදා
ලකඹර ජය දද .......
ගුරු සිත නොතලා කීකරු වීලා
යුතුකම් ගුණදම් රැක නිතිනා
ආදර මෑණී ඔබේ පා වැදලා
කැපවෙමු දෑ සේවය සඳහා
ලකඹර ජය දද .......
විදුහල් අතරේ කිරුලු පලන්දා
ඔබ හෙළයේ රුජිණිය වේවා
ජාතිය රකිනා හෙළ දූ දරුවන්
මතු මතුවත් මෙහි බිහිවේවා
ලකඹර ජය දද .......