පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
-
අත වැලමිට ළඟින් අංශක 90 ට නැමූ විට යට බාහුව ස්පර්ශ විය යුතුය.
-
සාක්කු ලාංඡනය රූපයේ පරිදි විය යුතුය.
-
තනි මැස්ම විය යුතුය.
-
කමිසය සිරුරට තද නොවන සේ තිබිය යුතුය.
-
කලිසමේ යට වාටිය (Fold) අඟල් 16ක් විය යුතුය. එතැන් සිට ඉහළට පළල වැඩි විය යුතුය.
-
එක පැත්තක රැළි (Pleat) දෙකක් තිබිය යුතුය.
-
“Belt Loops”නොතිබිය යුතුය.
-
පිටුපස සාක්කු එකක් පමණක් විය යුතුය.
-
සුදු මේස් පැළඳිය යුතුය.
-
පාසලට ගැළපෙන පරිදි කළු සපත්තු පැළඳිය යුතුය.

පිරිමි ළමුන් (10-13)
-
අත වැලමිට ළඟින් අංශක 90 ට නැමූ විට යට බාහුව ස්පර්ශ විය යුතුය.
-
සාක්කු ලාංඡනය රූපයේ පරිදි විය යුතුය.
-
තනි මැස්ම විය යුතුය.
-
කමිසය සිරුරට තද නොවන සේ තිබිය යුතුය.
-
කලිසමේ යට වාටිය (Fold) අඟල් 16ක් විය යුතුය. එතැන් සිට ඉහළට පළල වැඩි විය යුතුය.
-
එක පැත්තක රැළි (Pleat) දෙකක් තිබිය යුතුය.
-
“Belt Loops”නොතිබිය යුතුය.
-
පිටුපස සාක්කු එකක් පමණක් විය යුතුය.
-
සුදු මේස් පැළඳිය යුතුය.
- පාසලට ගැළපෙන පරිදි කළු සපත්තු පැළඳිය යුතුය.

ගැහැණු ළමුන් (1-13)
-
අත දිග අඟල් 6ක් විය යුතුය.
-
පාසල් ලාංඡනය සුදු ගවුමේ වම් පැත්තේ මැදට වන්නට අල්ලා තැබිය යුතුය.
-
අතේ වැලමිටට සමාන්තරව සුදු ගවුමේ ඉණ තැබිය යුතුය.
-
සුදු ගවුමේ තැබිය හැකි රැළි සංඛ්‍යාව එක් පැත්තකට 05 කි.
-
දණ හිසට වඩා අඟලක් පහළට සුදු ගවුම ඇඳිය යුතුය.
