• (+94) 41-2240209
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • Register
  • Login
Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ලියාපදිංචි වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

1

1946 ජනවාරි - 1948 මැයි

එච්.එල්. විමලසූරිය මහතා

 

ආරම්භක විද්‍යාලයාධිපති වූයේ කලුතර ඥානෝදය විද්‍යාලයේ ඒච්.ඒල්.විමලසූරිය මහතාය. එවකට පාසලේ මාධ්‍ය භාෂාව වූයේ ඉංශ්‍රිසි භාෂාවයි. ගොඩනැගිලි හා වෙනත් අඩුපාඩුකම් බොහෝ තිබුනද විදුහල්පති තුමාගේ විවිධ අංශවල පැතිරි තිබුණු ප්‍රවීනතාවය හා අප්‍රතිහත ධෛර්යය මුල්කොටගෙන කෙටි කලකින්ම විද්‍යාලය ඉතා දියුණු මට්ටමකට පතත්විය. ඒකල විද්‍යාලයීය සිසු පිරිස ශාක්‍ය, මයුර, නන්ද වශයෙන් නිවාස තුනකට බෙදා තිබුන අතර ක්‍රීඩා උත්සව, කථික තරඟ, මල් වැවීම තරඟ, ත්‍යාග ප්‍රධාන උත්සව හා විවිධ ප්‍රසංග වලින් විචිත්‍ර වූ ස්වර්ණමය යුගයකි.

2

1948 ජුනි - 1949 පෙබරවාරි

එඩ්මන්ඩ් ඩයස් මහතා

 

 

3

1949 පෙබරවාරි - 1951 මාර්තු

එම්.එස්. ද සිල්වා මහතා

 

 

4

1951 මාර්තු - 1951 ඔක්තොම්බර්

ජී. තන්තිරිගොඩ මහතා

 

 

5

1951 ඔක්තොම්බර් - 1952 අගෝස්තු

එච්.එල්. රත්නපාල මහතා

 

 

6

1953 මැයි - 1955 අප්‍රේල්

ඩී.ඒ. වෙදගේ මහතා

 

මෙතෙක් තෙලිජ්ජවිල මංසන්ධියේ පවත්වාගෙන ගිය විද්‍යාලය නව ගොඩනැගිලිවලට ගෙනයනු ලැබුවේ ඊළඟ විදුහල්පති ඩී.ඒ.වෙදගේ මහතාගේ සේවා කාලයේදීය. විනයගරුක සමාජයක් ගැන විශ්වාසය තැබූ මෙතුමා විද්‍යාලීය අධ්‍යාපන මට්ටම හා ශිෂ්‍ය විනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත්විය. 1955.04.24 දක්වා මෙතුමා මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරීය.

7

1955 අප්‍රේල් - 1957 පෙබරවාරි

ආර්.බී. ගල්ලෑල්ල මහතා

 

විද්‍යාලය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ඊළඟ විදුහල්පති වූ ආර්.බී. ගල්ලල මහතාගේ කාලයේය. ඒතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ඉතාම සුහද බවකින් කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකි. මේ කාලලයේදී විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රගතිය අතින් ඉහළ මට්ටමක සිටියේය

8

1957 පෙබරවාරි - 1968 සැප්තැම්බර්

එච්.එල්.පී. ද සිල්වා මහතා

 

1975.02.01 සිට 1968.09.30 දක්වා විද්‍යාලයේ සේවය කළ මෙතුමා විදුහල් ඉතිහාසයෙහි දීර්ඝතම කාලච්ඡේදයක් සේවය කළ විදුහල්පති තුමාය. විද්‍යාගාර අංග සම්පූර්ණ වීම පළමු වරට විද්‍යාලයට සිසුන් ඇතුළත්  වීම, විද්‍යාලයේ ප්‍රථම වරට සිංහල මාධ්‍යයෙන්  වාණිජ විද්‍යාව ඉගැන්වීම  ආරම්භ වීම ප්‍රථම වරට උසස් පෙළ වාණිජ අංශය ආරම්භ කිරීම, පළමු වරට වාණිජ අංශයෙන් විශ්වවිධ්‍යාලයට සිසුන් ඇතුළත් වීම, සමස්ථ ලංකා සංගීත හා මුද්‍ර නාට්‍ය තරඟ වලින් විද්‍යාලය වසර ගණනාවක් අඛණ්ඩව ජය ලැබීම, විද්‍යාලයේ විශිෂ්ඨ ශ්‍රේණියේ පත්වීම මේ යුගයේ සිදුවූ සුවිශේෂී සිද්ධීන්ය.ආදි ශිෂ්‍ය සංගමය මගින් ආධාර කොට 1964.10.30 දින මුල්ගල තැබූ බුදු මැදුර 1967.02.09 වන දින විවෘත කරන ලදි. ඒය මේ දක්වාම විද්‍යාලයේ ආගමික පසුබිම සුරකින සිහිවටනය.

9

1968 ඔක්තොම්බර් - 1970 ජූලි

යූ.ඒ.එන්. ධර්මසිරි මහතා

 

විදුහලේ 100 * 20 ගොඩනැගිල්ල විවෘත කිරීම, සමාජ විද්‍යාගාරය ඉදි කිරීම මේ යුගයේ කැපී පෙනෙන සිද්ධීන්ය. අධ්‍යාපන හා විෂ්‍ය බාහිර කටයුතු අතින් සැලකිය යුතු ප්‍රගතියක් මේ කාලයක් තුළ දක්නට ලැබිනි

10

1970 ජූලි - 1973 සැප්තැම්බර්

එන්.ජී.කේ. සමරසේකර මහතා

 

අධ්‍යාපන හා විෂ්‍ය බාහිර කටයුතු අතින් සැලකිය යුතු ප්‍රගතියක් මේ කාලයක් තුළ දක්නට ලැබිනි. මෙකල අධ්‍යාපනික ප්‍රගතිය ගැන ගරු අධ්‍යාපන ඇමති අයි.ඒම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා පවා ප්‍රශංසාත්මකව සඳහන් කර ඇත.

11

1975 ජුනි - 1977 ජූලි

ආර්.ඒ. මාතෝස් මහතා

 

අධ්‍යාපන හා විෂ්‍ය බාහිර කටයුතු අතින් සැලකිය යුතු ප්‍රගතියක් මේ කාලයක් තුළ දක්නට ලැබිනි. මෙකල අධ්‍යාපනික ප්‍රගතිය ගැන ගරු අධ්‍යාපන ඇමති අයි.ඒම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතා පවා ප්‍රශංසාත්මකව සඳහන් කර ඇත.

12

1977 ජූලි - 1980 පෙබරවාරි

ඩී.කේ. වෛද්‍යරත්න මහතා

 

මේ වන විට 1400 ක් දක්වා ඉහළ ගොස් තිබු ශිෂ්‍ය සංඛයාව පන්ති 32 කට බෙදා තිබුණි. ගුරු මණ්ඩලය 64 ක් විය. 

13

1980 පෙබරවාරි - 1981 ජනවාරි

පී.වී.පී. වික්‍රමසිංහ මහතා

 

නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා ක්‍රීඩා පීඨය සම්පූර්ණ කිරීම මේ යුගයේ විශේෂ සිද්ධීන්ය.

14

1981 ජනවාරි - 1986 ජනවාරි

එම්.කේ. සිරිසේන මහතා

 

 

15

1986 ජනවාරි  - 1988 ජුනි

එන්. ජයවර්ධන මහතා

 

1988 න් පසු යුගය රටේ පැවති කළබලකාරී වාතාවරණය යටතේ විද්‍යාලීෟය අධ්‍යාපනයේ ප්‍රගතිය පිරිහී ගොස් තිබුණි.

16

1988 ජුනි - 1988 සැප්තැම්බර්

ජේ.පී.පී. ජයවීර මහතා
 

බිඳවැටී තිබුණු ගුරු සිසු සම්බන්ධතාවය නැවත නැවත ගොඩනැගීමට ඒ මහතා සමත් වීමත් සමඟ නැවත පැරණි තත්වය අනුව යමින් විද්‍යාලයේ අධ්‍යාපනය දියුණුව කරා ගමන් ආරම්භ විය. 1978 සිට වසා දමා තිබුණු පිරිමි නේවාසිකාගාරය නැවත විවෘත වීම විද්‍යාලයේ ප්‍රගතියට තවත් හේතුවක් විය.

17

1988 සැප්තැම්බර් - 1992 මැයි

ඒ. ගමගේ මහතා
 

 

18

1992 මැයි - 1993 අප්‍රේල්

අයි. විජේවත්ත මහතා
 

1992.05.04 දින විදුහල්පති ධූරයේ කටයුතු භාරගත් අයි.විජේවන්ත මහතා විද්‍යාලයේ විනය යථා තත්වයට පත් කිරීමට දරණ යලි උත්සාහය අතිශයින් ප්‍රශංසාත්මකය

19

1994 අප්‍රේල් - 1994 ඔක්තොම්බර්

ඩබ්. විතානන්ද මහතා

 

 

20

1994 ඔක්තොම්බර්-2002 නොවැම්බර්

පී.වී.පී. වික්‍රමසිංහ මහතා

 

1993.04.01 දින වැඩ භාරගත් ඩබ්ලිව් චිත්‍රානන්ද මහතාගේ කෙටි පාලන කාලයෙන් පසු විදුහල්පති ධූරය 1994.10.04 දින භාරගත් පී.වී.පී. වික්‍රමසිංහ මහතා විද්‍යාලීය විනය ඉහළ මට්ටමකට ගෙන ඒම ප්‍රධාන ඉලක්කය බවට පත් කරගත්තේය. විද්‍යාල භූමියෙහි වන වගා ව්‍යාපෘතියක්ද ආරම්භ කළ ඒතුමා විද්‍යාලයට සුවිසල් තෙමහල් ගොඩනැගිල්ලක් ලබා දීමට පියවර ගත්තේය. මෙසේ විද්‍යාලීය ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට ඒතුමාට හැකිවිය.

21

2003 - 2004 අගෝස්තු

සී.ජේ. ගුණවර්ධන මහතා

 

 

22

2006- 2018

විමල් විදානපතිරණ මහතා

 

ඒතැන් සිට සුවිශේෂ වැඩ පිළිවෙළවල් රාශියක් ඇරඹූ ඒතුමා අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵලවලින් දකුණු පළාතේ ප්‍රථම ස්ථානය ද දිවයිනේ පළමු පාසල් 30 අතරට ද විද්‍යාලය ගෙන ආ අතර භෞතික සම්පත් රාශියක් විද්‍යාලයට ලගබා දීමට පුරෝගාමී විය. ඉතා ඉහළ විනයක් විද්‍යාලය තුළ පවත්වාගෙන යාමට කටයුතු කළ ඒතුමා විද්‍යාලයේ ජනප්‍රියභාවය ඉහළට ඒසවීමට කටයුතු කරන ලදි. මේ හේතුව නිසා විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන කඩඉම් ලකුණු සීමාව ශිෂ්‍යත්ව ලකුණු 165 දක්වා ඉහළට ඒසවී ඇත.

23

2018 සිට

එම්.වයි. ජයන්ත මහතා

 

පාසලේ දරු දැරියන්ගේ විනය හා සාරධර්ම ඉහළ නැංවීම පිළිබඳව නිරන්තර අධීක්ෂණයේ යෙදෙමින් පාසලේ දරු දැරියන්ගේ විනය හා සාරධර්ම ඉහළ නැංවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒතුමා විසින් පාසලේ කළමනාකරණ කටයුතු මැනවින් ඉටු කරනු ලැබේ. නව ගොඩනැගිලි ඉදි කිරීම් අභ්‍යන්තර දුරකථන ජාල පද්ධති ඇති කිරීම්, අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණ කිරීම ඇතුලු විද්‍යාලයේ භෞතික සංවර්ධන සඳහා ද අවශ්‍ය කටයුතු ඉටු කරන අතර පාසල් සංවර්ධන කටයුතු සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ලබමින් ප්‍රශස්තනීය සේවයන් පාසලට ඉටු කරමින් සිටී.

 

Thelijjawila C.C.

මාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය

Telijjawila

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයමාර/ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය, තෙලිජ්ජවිල, මාතර
  • දුරකථන(+94) 412240209
  • ෆැක්ස්(+94) 412240209

Supported By

© 2026 Thelijjawila C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk