අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දක්ෂිණ දේශයෙහි පමණක් නොව ලකඹර ශ්‍රේෂ්ඨතම පාසලක් ලෙසට කිතු යසසින් නම රැන්දූ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය සුවහසක් සිසු දරු දැරියන්ගේ නැණ ගුණ වඩන ප්‍රදීපස්ථම්භයක් ලෙස විරාජමාන වන අතර මාතර දිස්ත්‍රික්කයට අයත් තෙලිජ්ජවිල ග්‍රාමයෙහි මනරම් උඩුකාව කඳුකරයෙහි පිහිටා ඇත.
වර්තමානයේ 6-11 ශ්‍රේණි දක්වා සිංහල හා ඉංග්‍රීසි යන ද්වි භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබාදෙන ප්‍රමුඛතම ජාතික පාසලක් වන අතර අධ්‍යාපනයෙන් අපේක්ෂිත නැණවත්, ගුණැවත්, සුවදායී දරු පිරිසක් බිහි කිරීම අරමුණු කොටගත් පාසලකි.











